World

තබ්ලිගි ජමාත් සාමාජිකයින් අල්ලා දෙන්නවුන්ට ඉන්දීය පොලිසියෙන් තෑගී

තබ්ලිගි ජමාත් සාමාජිකයින් සොයා ගැනීමට උදව් ලබාදෙන පුද්ගලයින්ට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් ත්‍යාග ප්‍රකාශයට පත් කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ඉන්දීය රජය විසින් පනවා ඇති සමාජ දුරස්ථභාවය සම්බන්ධ නීති කඩ කරමින් ජමාත් සාමාජිකයන් පසුගිය මාසයේ දිල්ලියේ නිසාමුදීන් හි පැවති ආගමික සභාවකට සහභාගී වී සිටියහ.

එම ආගමික සභාවට සහභාගී වූ විවිධ වූ මුස්ලිම් පල්ලි, මද්‍රසා සහ නිවාසවල නැවතී සිටි තබ්ලික් ජමාඅත් සාමාජිකයින් 33 දෙනෙකු උත්තර ප්‍රදේශ් පොලීසිය මේ වන විට නිරෝධායනය කර තිබේ.

“ජමාඅත් සාමාජිකයින් තවමත් සැඟවී සිටිති. ඔවුන් පැමිණ බලධාරීන් ඉදිරියේ පෙනී සිටියහොත් ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අපි ප්‍රකාශ කර සිටිමු.” පොලිස් අධිකාරී ත්‍රිවනී සිං පැවසීය.

“නමුත්, ඔවුන් පිළිබඳ තොරතුරු වෙනත් මූලාශ්‍රයක් හරහා අප වෙත ලැබෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇත” යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තබ්ලිගි ජමාඅත් සාමාජිකයින් පිළිබඳව පොලිසියට දැනුම් දෙන අයට රුපියල් 5,000 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගන්නා බවත් සිං පැවසීය.

Related posts

අගමැති ඉවත් කලත් අර්බුදය අවසන් නැහැ… ඉන්ධන ගන්න සල්ලි නැතිව පාකිස්තානයෙත් විදුලිය කැපෙයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday