Colombo Today Local News

ඩේටා කැපිල්ලක් සමග බිල ඉහළට, දුරකථන බිලත් නගී..? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරනවා.

එහි සභාපති රංජිත් විතානගේ පවසන්නේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට මෙන්ම ජනතාවට වයි-ෆයි පෙන්වා ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක්ද ඇති බවට අනාවරණය වූ බවයි.

ඉහළ යමින් තිබෙන බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුවට කැපී පෙනෙන උවමනාවක් නැතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

Related posts

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

2017 දුගීබව නැති කිරීමේ වසර ලෙස නම් කරයි.. ජනපති යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

colombotoday

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday