Colombo Today Local News

ඇඳිරිනීතී බලපත් නැතිව රාජකාරී හැඳුනුම්පතෙන් ගමන් ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

ඇඳිරිනීති බලපත්‍රයක් නොමැතිව තවත් තිදෙනෙකු සමග වාහනයකින් ගමන් කළ බව කියන පොලිස්  කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.
 
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ පුත්තලම පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
 
තවත් තිදෙනෙකු සමග වාහනයකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී  මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් විසින් එම පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
 
එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයාට හෝ ඔහු සමග සිටි සෙසු පුද්ගලයින් තිදෙනාට ඇදිරි නීති බලපත්‍ර තිබී නැත.
 
රාජකාරි හැදුණුම්පත භාවිතා කරමින් ඔවුන් පුත්තලමේ සිට  ගමන් කර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
 
ඒ අනුව සිදු කරන ලද  පරීක්ෂණයකින්  අනතුරුව අදාල පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 07 වැනිදා සිට අත්හිටුවීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර  තිබේ.

Related posts

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට එයි

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

මහ බැංකු අධිපතිට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද

colombotoday