World

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

කොරෝනා වයිරසය ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 8,000 ඉක්මවා ගොස් ඇතැයි එරට රජය කියයි.
 
ගෙවීගිය පැය 24 දී එරටින් මරණ 849ක් වාර්තා වී ඇති අතර  අනුව එරට සමස්ත මරණ ගණන 8,189ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කරන තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියට පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.
 
ඉරිදා ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ තරමක් අඩු වී තිබූ අතර ඒ අනුව ස්පාඤ්ඤ බලධාරීන්ට යම් බලාපොරොත්තුවක් ඇති වී තිබිණි. ස්පාඤ්ඤය තුළ කොරෝනා වයිරසය උච්ඡතම අවස්ථාවට පැමිණ ඇතැයි ද දිනපතා වාර්තා වන ආසාදිතයන් සහ මරණ ගණන ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ද ස්පාඤ්ඤය බලධාරීහු බලාපොරොත්තු තබා සිටියහ.

අද පස්වරු 4 වනවිට ගෙවීගිය පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 9,222ක් වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ 94,417ක් දක්වා ඉහළ ගියේය.   
 
ඒ.එෆ්.පී.

Related posts

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin