Colombo Today Local News

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි .

නිවසේ ඉදිරිපිට දොර විවෘතව ඇතැයි අසල්වාසියකුගේ දැනුම්දීමකට අනුව සොයා බැලීමකදී සොරුන් බිද ඇති බව අනාවරණයවූ බවද පොලීසිය කියයි .

බොහෝ වේලාවට ඇදිරි නීතිය දමා තිබෙන වේලාවක රාත්‍රියේ මේ නිවස සොරුන් බිදින්නට ඇති බවට පොලීසිය සැකකරයි .
නිවසේ ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවුවද එහි තිබී රැගෙන ගියේ මොනවාදැයි තවමත් අනාවරනය වී නොමැත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මේ නිවස අම්බලන්ගොඩ –බටපොළ මාර්ගයේ අම්බලන්ගොඩ පෝරඹ ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටා ඇති බවත් එය දැනට කාලයක් තිස්සේ සිටම වසා දමා තිබෙන බවත් පොලීසිය කියයි .

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

Related posts

මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ..

colombotoday

වැල්ලව පොලිසිය තාවකාලිකව වසයි

colombotoday

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday