World

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයි

කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය.

තමිල්නාඩුවේ 54 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයක නිරත වී ඇති බවට අනාවරණය වී නැතැයි තමිල්නාඩු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය විජය භාස්කර් මහතා පැවසීය.

මදුරෙයි ප්‍රදේශයේ රාජාජි රෝහලට ඇතුළත් කර ඇති මොහු දියවැඩියාව සහ  අධිරුධිර පීඩනය වැනි දිගු කල් පවත්නා රෝගවලින් පෙළී ඇත.

මෙම තැනැත්තා වන්දනා චාරිකාවක් සඳහා පැමිණි තායිලන්ත ජාතිකයින් පිරිසක් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව හෙළවී තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයෙන් වෛරසය ආසාදිත නව රෝගීන් තිදෙනෙක් හඳුනාගෙන ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඇමෙරිකන් ගුවන් ප්‍රහාර වලින් ඉරාන හමුදා නායක මරුට

colombotoday

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි

colombotoday

කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්

colombotoday