Colombo Today Local News

කොරෝනා ආසාධිතයන් 7 දක්වා ඉහළට !

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව බව පැවසීය.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අලුතින් වාර්තා වු රෝගීන් දෙදෙනා ද ඉතාලි සිට මෙරටට පැමිණි අයවලුන් වන බවය.

මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා විය.

මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ඒ අතර වන අතර ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා වන්නේ ඉතාලියේ සිට පසුගිය 11දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රදවා සිටි අයයි.

37 හා 43 යන වයස්වල පසුවු ඔවුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහා රෝහලේ හා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related posts

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ සේවකයෝ වැඩ වර්ජනයක්

Admin

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ. – උදය ගම්මන්පිල කියයි

colombotoday