Colombo Today Local News

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වී දින 100ක් ගත වුවද ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි වුවේ පාර්ලිමේන්තුවේ බලය නොමැති නිසාවෙන් මුදල් පනත් සම්මත කරගැනීමට නොහැකි වීම නිසා බව කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා පවසනවා.

සත්කෝරලයේ ප්‍රථම ජනහමුව අමතමින් ඒ මහතා පලකල අදහස්….

මේ ආර්ථිකය වෙනස් කරන්න තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත්කළේ. මේ දින සියය තුල අපිට ඕන කරන ටික කරන්න අවශ්‍ය හයිය තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ කිසිම පනතක් සම්මත කරගන්න බැහැ. එදා මුදල් වෙන්කරගන්න පාර්ලිමේන්තුවට පනත දැම්ම දවසේ මම මෙහෙ ඉඳලා  කොළඹ ගියේ 10.30 ට විතර. මට දුරකතනයෙන් ඒ වෙලාවේ කතා කරලා  කිව්වා නායකයෝ එකතු වෙලා පාර්ලිමේන්තුවේ කතා කරනවා කියලා. මම කොළඹ යනකොට 12.15 යි. ඒ වෙද්දීත් කතාව ඉවර නැහැ.

මොකද ඒ මේ අය මුදල් පනත සම්මත කරගන්න කොන්දේසි දැම්මා.පාර්ලිමේන්තු කාලය දික් කරන්න… වෙන දේවල් වලට සල්ලි ගන්න එපා… ආදී වශයෙන්. අවසානයේ ආණ්ඩුව කල්පනා කළා, කමක් නෑ මේක අපි අත ඇරලා දානවා කියලා. අත ඇරලා දැම්මා. එතකොට මහජනතාව බලාපොරොත්තු වෙන සමහර සංවර්ධන කටයුතු කරන්න ආණ්ඩුවට මුදල් නෑ පාර්ලිමේන්තුව විසුරු දවසට තමයි ජනාධිපතිතුමාට ආපහු බලය ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් ගන්න. ආර්ථිකයට මුදල් එකතු කරන්න අවශ්‍ය තීන්දු ගන්න එතුමාට බලය ලැබෙනවා. ඒක පහුගිය දින සීයම කරගන්න බැරි වුණා. මොකද ජනාධිපතිතුමාට මුදල් දෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ පාර්ලිමේන්තුවෙන් දෙන මුදල් අනුමත කරන්නත් ඕනි පාර්ලිමේන්තුවෙන්මයි. ඒ නිසා රට සංවර්ධනය කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බලය අත්‍යවශ්‍යයි.

Related posts

ශෂ්‍යත්ව විභාගය අහෝසි කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්…

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

කොටි ඩයස්පොරාවේ 13 දෙනාට සිර දඩුවම් දීම ස්විස් අධිකරණය ප්‍රතික්ශේප කරයි

colombotoday

විදේශිය කරුන්කා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා මෙරට කරුන්කා වශයෙන් ඉන්දියාවට පටවන්න හැදු අධ්‍යක්ෂට වැඩ වරදි

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

colombotoday