Colombo Today Local Newsextremism & terrorism activities

අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් “හලාල් ටුවර්ස්”

විටෙක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැඳින්වූ ඈත ඉතිහාසයේ සිට සංචාරක ආකර්ෂණයට ලක්වූ ශ්‍රී ලංකාව තුල සංචාරක කර්මාන්තය රටේ ආදායම ඉහල නංවන ව්‍යාපාරයක් බවට වර්තමානයේ පත්ව තිබේ.

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ඕනෑවටත් වඩා සම්පත් අප රට තුල තිබෙද්දිත් අලුතින් “හලාල් ටුවර්ස්” නමින් මොහොමඩ් ෆරාස් නැමැත්තෙක් විසින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මෙරට ආහාර පද්ධතිය හලාල් කිරීමෙන් පසුව මුස්ලිම් ජන සමාජය ක්‍රම ක්‍රමයෙන් මහ සමාජයෙන් වෙන් වීමට පටන් ගැනීමේ උච්චතම අවස්ථාව ලෙස මුලධර්මවාදී අන්තවාදීන් පිරිසක් බිහිවී රටේ ජිවත් වන අනෙකුත් සහෝදර ජනයා දෙවියන්ගේ නාමයෙන් මරාගෙන මැරෙන ම්ලේචයන් පිරිසක් බිහි විය.

සමස්ත හලාල් ක්‍රියාවලිය තුලින් සමාජ බෙදුම් වාදය ව්‍යාප්ත වීම දැඩි ලෙස පවතිද්දී මුල්‍ය ලාභ අපේක්ෂාවෙන් ඇරඹි හලාල් ක්‍රියාවලියට තිත තැබීමට බලධාරින් අසමත් වෙද්දී සංචාරක ව්‍යාපාරය ද දෙකඩ කරමින් හාලාල් සංචාරක ව්‍යාපාරයක් බිහි කිරීම මෙරටේ සහජීවනය ආරක්ෂා කිරීමට කෙතරම් දුරට බලපාන්නේද යන්න බලධාරීන් කල්පනා කල යුතුව ඇත.

මෙම ව්‍යාපාරය සිදුකරන තැනැත්තා වන මොහොමඩ් ෆරාස් නැමැත්තා තවුහිඩ් ජමාත් මතවාදය දරන්නෙක් බවට කරුණු වාර්තා වේ. කොච්චිකඩේ පල්ලියට මරෙගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ මොහොමඩ් හස්තුන් නැමැත්තා සාමාජිකත්වය දැරූ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වෙන අතර, ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයට අදාළ පොස්ට් අන්තර්ජාලය තුල හුවමාරු කර ගන්නා ආකාරය පහත දැක්වෙන ඡායාරූපවල දැක්වේ.

සහරාන් හෂීම් 2014 වසරේදී නැගෙනහිර පළාතේ සුෆි මුස්ලිම්වරුන්ගේ සොහොන් බිඳ දැමීමෙන් තම අන්තවාදී ව්‍යාපාරය ආරම්භ කල බවට හෙළි වී ඇත.

Related posts

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයි

Admin

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයි

colombotoday

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

colombotoday

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday