Colombo Today Local News

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද වෙනවා. බලය තිබුණ සහ තියෙන මිනිස්සු කවුද කියලා පොළොන්නරුවේ මිනිස්සු දැන් දන්නවා’ යැයි පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා සන්ධානය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් තනතුරක් දුන්නා. එයට පත් කරන පුද්ගලයා තීරණය කළේ අපි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කියලා. මම හොඳටම දන්නවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ පහළොවක් නැහැ. උපරිම ඇති ඡන්ද ලක්ෂ දෙකක්. ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම පොහොට්ටුවට ඇවිල්ලා ඉවරයි.

මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.

මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.

මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මම කවදාවත් ​පොළොන්නරුව ජනතාව දාලා යන්නේ නැහැ. ​පොළොන්නරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හැමදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනය කරනවා.

Related posts

මුස්ලිම් ජනතාවට විරුද්ධ ජාතිවාදයක් ගැන සජිත් ප්‍රේමදාස අමුතු ඉංග්‍රීසියකින් ලොවට කියයි

colombotoday

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

colombotoday

“දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතුයි”

Admin

සතොසටත් සුරා බලපත්

colombotoday

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07ක් මරුට

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday