Colombo Today Local News

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින දස දහසකට අධික පිරිසක් රෝගීන්ට ප්‍රතිකාර කරන බවත්, මෙම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමය විසින් සිදුකළ සොයා බැලීමකදී මේ බව හෙළි වූ බවත්, පවතින නීතියට අනුව වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමේදී රුපියල් පන්දහසක් වැනි සුළු දඩයක් අයකර ගන්නා බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව වසර පහක සිර දඬුවමක් නියම වන ආකාරයට නීති සකස් කළ යුතු බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මීට අමතරව රට තුළ ක්‍රියාත්මක වන ආයුර්වේද බටහිර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයන් යටතේ අධ්‍යාපනය ලබා ඉගෙනගත් වෛද්‍ය ක්‍රම‘යෙන් පරිබාහිර වෛද්‍ය ප්‍රතිකාර කරන පිරිසක්ද රට තුළ සිටින බවද ඒ මහතා පවසා සිටියේය.

Related posts

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

දුරකතන ගාස්තු 20%කින් ඉහළ දැමීමට අනුමැතිය

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු කොමිසමට

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday