Colombo Today Local News

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයින් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට නිෂ්පාදිත තේ තොගයක් ඊයේ(06) පරිත්‍යාග කළේය.

චීන තානාපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත පැමිණ මෙම තේ තොගය භාර ගනු ලැබූවේය.

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයින් වෙනුවෙන් ලෝ ප්‍රචලිත සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තේ තොගය චීන තානාපති චෙංග් ෂියුආන් මහතා වෙත භාර දුන් අතර දුෂ්කර අවස්ථාවේ චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දැක්වූ සහයට තානාපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

එසේම වූහාන් හි සිටි ශ්‍රී ලංකික සිසුන් මෙරටට ගෙන්වාගැනීමට ලබා දුන් සහය පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරයා වෙත ස්තූතිය පළ කර සිටියේය.

මේ අතර පකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් කාන් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.

දෙරට අතර සුහදශීලීත්වය වර්ධනය කර ගැනීම සහ ආරක්ෂක සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තරාතිරමේ සහ ශ්‍රේණිවල පුහුණුවීම් සඳහා පකිස්ථානය ලබා දෙන සහය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ අග්‍රාමාත්‍යවරයා එය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන ගුවන් හමුදාවේ අවධානය යොමු කරනු ලැබූවේය.

Related posts

දූෂිතයන් වටේ තියාගෙන ඉන්න සජිත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නෙ නෑ කීවට වැඩක්‌ නෑ

colombotoday

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

colombotoday

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday

“මට වෙඩි තැබීම ගැන කවුරුත් දුක් වෙන්නෑ..“ සයිටම් දොස්තර රුසියාවේ සිට කතා කරයි !

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday