Colombo Today Local News

රජරටට දුන් නිවාස ආධාර හිටපු නිවාස ඇමති, හොර පාරකින් ණයට දීලා !

පසුගිය යහපාලන රජයේ සැමට සෙවණ නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස ඉඳිකිරීම සඳහා රජරට ජනතාවට ලබා දීමට වෙන්කළ නිවාස අාධාර මුදල් හිටපු නිවාස අැමතිවරයා ව්‍යාජ චක්‍රලේඛයක් මඟින් ණය මුදල් ලෙස ලබා දී අැති බව හෙළි වී තිබේ.

මෙම ණය මුදල් පොලියද සමඟ නැවත ගෙවීමට සිදුවීමෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්ව අැති බව ජනතාව පවසති.

නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පොදු පහසුකම් අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී හොරොව්පතාන ආසන සංවිධායක එස්.සී. මුතුකුමාරන මහතා මිහින්තලේ පොතාන, සහ දොරමඩලාව, නැ‍ඟෙනහිර නුවරගම් පළාත කීරික්කුලම යන ගම්මානවල පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිකර ඇති වැඩ අවසන් නොවූ නිවාස ව්‍යාපෘති අධීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී එහි පදංචිකරුවකු මේ බව පැවසීය. ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වූ අජිත් තිලකරත්න මහතා,

“මේ ගම්උදාව ව්‍යාපෘතිය අප ගමට ගෙනාවේ 2016 වසරේදී. එම වසරේ අපට මුලින්ම ණය මුදලක් ලෙස රුපියල් 60,000ක් දුන්නා. අවුරුදු දෙක හමාරකට පසු තවත් ලක්ෂ දෙක හමාරක් දුන්නා. නමුත් අපි හැමෝම මුලින්ම රුපියල් 60,000 දුන්නු දිනයේ සිට මේ දක්වාම රුපියල් ලක්ෂ හතකට ණය සහ පොලිය ගෙවනවා. මේ ණය මුදල ගෙවලා ඉවර වෙන කොට කීයක් යයිද? ගෙවල්වල වැඩ ඉවර කරළාත් නැහැ. පානීය ජලය තිබුණේ නැහැ. මේ රජය ආවාට පසු ජලය දෙන්න දැන් කානු කපනවා. පසුගිය රජය කාලයේ නිවාස සංවර්ධන අධිකාරිය අපි අමාරුවේ දැම්මා. මේ ව්‍යාපෘතිය යටතේ ගෙවල් 24ක් තිබෙනවා. නමුත් පදිංචි වෙලා ඉන්නේ 15 දෙනෙක් පමණයි. අනෙක් ගෙවල් වහලා දමලා තිබෙවා. මාසික ණය වාරිකයක් හැටියට රුපියල් 4,250 බැඟින් 2016 වසරේ සිට ගෙවනවා. මෙම ගෙවල්වල වැඩ අවසන් කර පදිංචියට සුදුසු විදියට අඩුපාඩු ටික සකස් කර දෙන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලනවා.”

නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පොදු පහසුකම් අධීක්ෂණ මන්ත්‍රී එස්.සී මුතුකුමාරණ මහතා ජනතාව හමුවේ මෙසේ කීහ.

පසුගිය රජයේ නිවාස ඇමති සජිත් පේමදාස මහතාගේ අධිවේගී ගමන නිසා මෙවැනි තත්ත්වයක් උදාවි තිබෙනවා. මිනිසුන්ට ඉදිරියට යන්න බැරි විදියට තමයි වැඩ කර තිබෙන්නේ. රුපියල් ලක්ෂ හතහමාරක් දෙන බව කියලා, රුපියල් ලක්ෂ පහක් දීලා තියෙන්නේ. ආධාර කියලා හොර චක්‍රලේඛනයක් මඟින් ඒ මුදල ණය මුදල් ලෙස ලබා දීල ජනතාව දැන් ණය මුදල් සමඟ පොලී මුදල් ගෙවනවා. විදුලිය, පානීය ජල පහසුකම් නැහැ, නිවාසවල වැඩ අවසන් කර නැහැ. නිලධාරීන් සමඟ ද සාකච්ඡා කර තීන්දු තීරණ ගන්න අපි උනන්දු වෙනවා.

මෙම අවස්ථාවට නිවස පොදු පහසුකම අධීක්ෂණ මන්ත්‍රී එස්.සී.මුතුකුමාරණ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, සම්බන්ධීකරණ ලේකම් නිමල් පද්මසිරි, ඉන්දික මුතුකුමාරණ යන මහත්ම මහත්මීන් සමඟ ගම්මානවල පදිංචි නිවැසියෝද සහභාගී වූහ.

Related posts

රණවිරුවන් පීඩනයට පත් කරන්න කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නෑ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවෙන බව ජනපති ජාතියට කියයි

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday

කූඨ ලේඛණ හැදුවා කියා තිස්ස අත්තනායක නැවතත් රිමාන්ඩ් !

colombotoday

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday