Colombo Today Local News

හෙට ශ්‍රී ලංකාවේ ‘නිදහස් දින විශේෂ අමුත්තා’ පූටින්ගේ සුපිරි හමුදා ලොක්කා ජෙනරාල් ඔලෙක් සල්යුකොව් !

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් දින 5ක සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණියා.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK 654 යානයෙන් ඔහු ඇතුලු දූත පිරිස පෙරවරු 8.55 ට දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමටද නියමිත බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එමෙන්ම, ඔහු කොළඹ නිදහස් චතුරස්‍රයේ හෙට (04) පැවැත්වෙන 72 වන නිදහස් දින සැමරුම් උත්සවයේ විශේෂ අමුත්තෙකු ලෙස ද එක්වනවා.

https://www.facebook.com/hirunews/videos/144864149832423/

Related posts

20 සම්මත වීමෙන් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුනා..

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

අනවසරෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin