Colombo Today Local News

ශ‍්‍රී ලංකාව කොරෝනා තුරන් කල පලමු රට වෙයි… චීන කතට සම්පූර්ණ සුවයි..!

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළත් කරන ලද කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ අදාළ චීන ජාතික කාන්තාව මේ වනවිට වෛරස ආසාදන තත්ත්වය සම්පූර්ණයෙන්ම මිදී ඇති බවයි.

අදාළ වෛරසය එම කාන්තාවගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම බැහැර නී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇය මේ වන විට රෝහලෙන් පිටත් කර හැරිය හැකි තත්ත්වයට සුවය ලබා ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ වන කොරෝනා ආසාදිත යයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් ඒ කිසිවකු කොරෝනා අසාදිත යයි පරීක්‍ෂණ මගින් ඔප්පු වී නැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

සමෘද්ධි බැංකුවත් මහ බැංකුවේ පාලනය යටතට ගන්නවා – අගමැති කියයි

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

colombotoday

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

කැබිනට් ප්‍රකාශක ධුරයෙන් රාජිත ඉවතට.. රාජිතගේ පුටුව මංගලට !

colombotoday