Colombo Today Local News

රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි !

නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks) ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ළඟම රාජ්‍යය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.

තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර නව කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දෙන බව ද පවසා ඇත.

Related posts

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

රජයට පාඩු කළ චෝදනාවට ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙක් ට රටින් පිටවීම තහනම්

Admin

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

රාජාංගණය ගොවි ජනතාව තාවකාලිකව සටන ජය ගනී..

colombotoday