Colombo Today Local News

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ  ඇති බවට ලැබුණු  තොරතුරකට අනුව එහි කැනීමක් සිදු කිරීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර විසින් මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පුදුකුඩිඉරිප්පු මුත්තුමාරි අම්මාන් කෝවිල් ආසන්නයේ මෙම කැනීම සිදු කරනු ලැබුවේ අදාළ  ස්ථානයේ එල්.ටී.ටී.ඊ. ආයුධ ඇති බවට පොලීසියට ලැබුණු  බුද්ධි තොරතුරකට අනුවය.

පස් කපන යන්ත්‍රයක් ආධාරයෙන් අදාළ  ස්ථානයේ කැනීම් කිහිපයක් සිදු කර  කිසිදු ආයුධයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදු කල පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

කළුතර මහාධිකරණයෙන් 08 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ…

Admin

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

හෙරොයින් සමඟ මධූෂ්ගේ ප්‍රබල ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday