Colombo Today Local Newsextremism & terrorism activities

අන්තවාදී, වහබ්වාදී, ෂබාබ් උත්සවයක ප්‍රධාන දේශනයකට නීතිඥ අලි ශබ්රි ගිහින්

අන්තවාදී, වහබ්වාදී, ෂබාබ්, රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මධ්‍යස්ත මුස්ලිම් ජනතාව හඳුන්වන “සෙයිලාන් මුස්ලිම් තරුණ සංවිධානය” (AMYS “Association of Muslim Youth of Sailan”) විසින් අනුග්‍රහය දැක්වු, පසුගියදා සේවයෙන් නෙරපා දැමූ BBC මාධ්‍යවේදී අසාම් අමින්ගේ පියා වන මොහොමඩ් අමීන් නැමැත්තා පවත්වාගෙන යන “නවමනි” පුවත්පත සංවිධානය කල තරගයක, ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා නීතිඥ අලි ශබ්රි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහබාගි වී දේශනයක් පවත්වා තිබෙනවා.

“සෙයිලාන්” යන වචනය අරාබි වෙළෙන්දන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා බාවිතා කල වචනයක් වන අතර පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කල සහරන්ගේ තවුහිඩ් ජමාත් කල්ලියේ පුද්ගලයින්ගේ නමේ අවසානයට “සෙයිලාන්” යන්න බාවිතා කරන ලදි.

වර්තමාන ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයෙකු සොයා ඔහුගේ රැකවරණය ලබා ගැනීමට වහබ්වාදීන් මේ දිනවල දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ජනාධිපතිවරයාට කිට්ටු වීම සඳහා හොඳම පුද්ගලයා ලෙස නීතිඥ අලි ශබ්රි තෝරාගෙන ඇති සේයාවක් පෙනෙන්නට තිබේ.
ඒ සඳහා නීතිඥ අලි ශබ්රි වෙත ගෞරවයක් ආරෝපණය කර මුස්ලිම් නායකයකු ලෙස ඔහුව පිළිගන්නා බව ඇඟවීම සඳහා වහබ්වාදීන් විසින් පවත්වන උත්සව සඳහා ඔහුට විශේෂ පුද්ගලයෙකු ලෙස ආරාධනා කිරීමට මෙම වහබ්වාදීන් කටයුතු කරමින් ඇත.

නීතිඥ අලි ශබ්රි දේශනය පවත්වන අතරතුර ලබාගත් පහත දැක්වෙන ඡායාරුපයේ තොප්පියක් දාමා සිටින පුද්ගලයා ෂබාබ් ප්‍රධානියා ලෙස සැලකෙන තාසිම් මව්ලවි වන අතර ඔහු සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ද ක්‍රියාකාරී පුද්ගලයෙකි. එහි සිටින අනෙක් පුද්ගලයා අමින්ගේ මුස්ලිම් කවුන්සිලයේ රිස්වී නැමැත්තාය.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

මාලිමාණ්ඩුව ක්‍රීඩාංගණයක නම වෙනස් කරන්න යයි

Admin

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday

එස්.බී. ගේ නිවසේදී මෛත්‍රී-මහින්ද රහස් හමුවක්…

colombotoday

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

colombotoday