Colombo Today Local News

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

20 ජනවාරි 16 වන දා  සිට මහනුවර  මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට  කටයුතු කර තිබේ.‍

මේ සම්බන්ධයෙන් මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ සියලු කෙෂ්ත්‍ර ආවරණය වන අයුරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද 16 වන දින මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී ආරම්භ විය .

මෙයට සමගාමිව පොලිතින්  විරෝධී  පාගමනක් ද සංවිධානය කර තිබුණි .  

නගරයේ පවතින සියලු ආයතනයන් ,පාසල් , පුද්ගලික පන්ති පවත්වන  ආයතනයන් , වෙළෙඳ සැල් , ආදී  සියල්ල ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීම් සිදු කෙරිණ.

රටේම පවතින  මෙම පාරිසරික  ගැටලුවට යහපත් වූ දායකත්වයක් මහනුවරින්  එක් කිරීම අපේක්ෂාව බවත් ඒ සදහා මහනගර සභාව ලෙස උපරිම දායකත්වයක් ලබා  දීමට  කටයුතු  කරන  බවත් මෙම අවස්ථාවට සහභාගිවූ මහනුවර මහනගර සභාවේ පුරපති  කේසර  සේනානායක මහතා  ප්‍රකාශ කළේය.

Related posts

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසම ට

colombotoday

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යංශය අකිලට?

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday