Colombo Today Local News

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී සිංහල මවුවරුන් වඳ භාවයට පත් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අගතියට පත්වූ මවුවරුන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත ප‍්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත.

වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්දීන් මහතා සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට පත් වූ බව කියමින් සිංහල ජාතික මවුවරුන් එක්දහස් දෙසීයකට අධික පිරිසක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි ඉදිරිපත් කර තිිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන පැවැත්වූවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා, පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි.

එම විමර්ශන කටයුතු ඉතාම පක්‍ෂග‍්‍රාහීව සිදුවූ බවට සංඝරත්නය, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් මවුවරුන් ඇතුළු විශාල පිරිසක් විසින් චෝදනා එල්ල කර තිබිණි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ෂාෆි ෂෙහෙබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායක් පත් කරන ලදී.

ෂාෆි ෂෙහෙබ්දීන්ට එරෙහිව විභාග වන නඩුව ලබන 16 වැනිදා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

colombotoday