Colombo Today Local News

ගුවන් යානයේ සිටි එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියා කීවා. ගුවන් අනතුර ඇසින් දුටුවෙක් කියයි

මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්‌මියා මෙසේ කීවේය. මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණා. එයින් එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියනවා තේරුණා. ඒ එක්‌කම ගුවන් යානය අනෙක්‌ පැත්තට හැරුණා. ඉන් පසු අපේ ගෙදරට ඉස්‌සරහා ගෙදර ගහක වැදිල ලොකු සද්දයක්‌ ආව. ඒ එක්‌කම කළු දුමක්‌ එක්‌ක ගින්දර පිටවුණා. මම ළමයි ටික අරන් ගෙට දිව්වා. අහල පහල කට්‌ටිය ඇවිත් වතුර දාලා නිවන්න උත්සාහ කළා. හරිගියේ නෑ.

මේ පිළිබඳව එම්. මුනම්වරා (38) මහත්මිය මෙසේ කීවාය:

ඊයේ උදේ 9.15 ට විතර අපි ගෙදර ඉන්නකොට ගුවන් යානය ගෙට පහත් කරගෙන වගේ ආවා.

මමත් පුතත්, නංගිත් ගෙදර බිම දිගාවුණා. අපි හිතුවා අපේ ගෙට ගුවන් යානය කඩාගෙන වැටෙයි කියලා. අපි දෙයියෝ සිහිකර ගත්තා. ඒ එක්‌කම වගේ මහා හඬකින් ගුවන් යානය කඩාගෙන වැටුණා.

අපේ ගෙදර වතුර ටැංකියේ වතුර බාල්දි, වෙනත් භාජනවලින් පුරවගෙන අහල පහල අයත් අපිත් ගුවන් යානයේ ගින්න නිවන්න පටන් ගත්තා. ඒ සමගම පොලිසිය, හමුදාව සහ විශාල පිරිසක්‌ මෙහේ ආවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ නිලධාරීන් සමග හපුතලේ – දියතලාව – බණ්‌ඩාරවෙල- හල්දුම්මුල්ල ආදී පොලිස්‌ ස්‌ථානවල නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටිති.

Related posts

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

QR කේත ක්‍රමය යාවත්කාලීන වෙන දිනය වෙනස් වෙයි…

Admin

රතන හිමිගේ සහයට මන්ත්‍රී විලෙයාන්ද්‍රන් මඩකලපුවේ උපවාසයක

colombotoday

බැදුම්කර විවාදය කල් දැම්මොත් ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි තීරණයක්

colombotoday