Colombo Today Local News

එෆ්සීඅයිඩීයේ සිටි පොලිස් නිලධාරීන් 42 කට මාරු

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් 42කට ඊයේ (18) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

මෙම නිලධාරීන් නුගේගොඩ අවේක්ෂණ බුද්ධි කොට්ඨාසයට මාරුකර ඇතැයි  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 110ක් පමණ සේවය කරමින් සිටි අතර ඔවුන් අතුරින් 42කට මෙසේ මාරුවීම් ලබාදී ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය දැනට අහෝසි කර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ එකක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇති බවත් පොලිසිය පවසයි.

 මූල්‍ය අපරාධ කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මකව පවතියි.

Related posts

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

colombotoday

ඉන්ධන මිල රු.5 කින් පහළට

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday