Colombo Today Local News

මුස්ලිම් නොවන පුද්ගලයින්ට පුරවැසිභාවය ලබාදීමේ පනත වළක්වන්නැයි කළ ඉල්ලීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ආන්දෝලනයකට තුඩුදුන් පුරවැසිභාවය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ තුළින් අසල්වැසි රටවල මුස්ලිම් නොවන පුද්ගලයින්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇති.

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, මෙම නීතිය අභියෝගයට ලක් කරන පෙත්සම් 2020 ජනවාරි 22 වැනිදා සලකා බලන බවයි.

එමෙන්ම මෙය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවන බවත්, ඊට අදාළ මග පෙන්වීම් ලැබී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ය.

අලුතින් සම්මත වූ මෙම නීතියට එරෙහි උද්ඝෝෂණ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත ගණනාවක ක්‍රියාත්මක වූ අතර, මේ වනවිට ඒවා තවදුරටත් ව්‍යාප්තව ඇතැයි ඉන්දීය වාර්තාවල සඳහන් ය.

රටේ බොහෝ ප්‍රදේශවලින් මෙයට විරෝධය පළ වෙමින් තිබුණත් ආණ්ඩුව එය වෙනස් කිරීමට කිසිසේත් සූදානම් නැත.

මෙම නීතිය ඉන්දීය ව්‍යවස්ථාවේ ඇති නිරාගමික භාවයට හානියක් බව විචාරකයින්ගේ අදහසයි.

Related posts

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday