Colombo Today Local News

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවා නීතියට පිටින් සහල් මිල වැඩි කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්යායපාරයේ රංජිත් සභාපති විතානගේ මහතා පවසනවා.

ඒ මහතා නිකුත් කර ඇති මාධ්‍ය නෙවෙදනයේ මෙසේද සඳහන්…


2019/05/ 31 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් අංක 2125/66 අනුව සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 කි. සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 කි. මෙම මිලට වඩා සම්බා සහල් සහ නාඩු සහල් අලෙවි කිරීම නීති විරෝධී වේ.

එහෙත් 2019/12/10 දින මහාපරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපතිලේකම්වරයා කරන ලද සාකච්ඡාවකින් පසු එකග වී ඇත්තේ සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 ක මුදලකටත් අලෙවි කිරීමටය. ඒ අනුව අද දින සිට සහල් මිල වැඩි කර ඇත. එසේ කර ඇත්තේ නීති විරෝධී ආකාරයටය. අපට ඇති පුදුමය නම් ජනාධිපති ලේකම්වරයා සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව නොදැන සිටීමය.

රන්ජිත් විතානගේ

කෙසේ වෙතත් සාමාන්යා නීති පසෙකලා නව රජය ව්යාඋපාරිකයින් සමග ඇති කරගෙන තිබෙන මෙම එකගතාවයට අප සංවිධානයේ විරෝධය පල කරන අතර ඉතා ඉක්මනින් උක්ත ගැසට්පත ක්රිපයාත්මක කරන ලෙස අපි රජයට බල කරමු.

මෙවර මහ කන්නයේදී කුණු කොල්ලයට ගොවීන්ගෙන් ලබා ගත් වී මහාපරිමාණ ව්යා පාරිකයින් විසින් මේවන විට වෙළදපොලට මුදාහරිමින් සිටී. බොහෝවිට එම ව්යා පාරිකයින් මෙම වී මිලදී ගෙන ඇත්තේ රුපියල් 32.00- 35.00 අතර මිලකටය මෙම වී සදහා රජයේ සහතික මිල වන්නේ රුපියල් 41.00 කි.

සහල් සදහා වන මිල සූත්රුය වන්නේ වී කිලෝ එකක මිල x 2.1 කි. ඒ අනුව සම්බා කිලෝ එකක් මහාපරිමාන සහල් ව්යාේපාරිකයින්ට සිල්ලරට රුපියල් 68.00 ක හෝ රුපියල් 73ක මිලකට අලෙවි කල හැක. රජයේ සහතික මිල අනුව මිලදී ගත්තේ නම් රුපියල් 85.00 ක මිලකට අලෙවි කල හැක.
මේවන විට රජය විසින් මිලදී ගත් රතු කැකුලු මෙට්රික් ටොන් 20000 ක් ගබඩා තුල ගොඩ ගසා ඇත. මෙම අවස්ථාවේ එම සහල් සහන අලෙවි සැල් හරහා වෙළදපොලට නිකුත් කළේ නම් සහල් මිල පාලනය කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු එසේ තිබියදී මෙම රජය සහල් මාෆියා පාරිභෝගිකයා ගසා කෑමට ඉඩ දුන්නේ ඇයිද? යන්න සොයා බැලිය යුතුය.

ජනාධිපතිතුමනි සහල් මාෆියා තිත තියන්න ජනතා බලාපොරොත්තුව එයයි!

Related posts

පාන් මිල අඩු වෙයි.

Admin

පොලිස්පතිවරයාගේ හිතවත්කම් ගැන කියා විමර්ශනවලට බලපෑම් කලොත් දැඩිව නීතිය ක්‍රියාත්මකයි.

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

colombotoday

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin