Colombo Today Local News

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයෙන් රට ආපස්සට ගියා,රට ඉදිරියට ගෙනගිය බලවේගය පරාජය වුණා

මෙවර ජනාධිපතිවරණයෙන් ලැබුණේ රට ආපස්සට ගෙන ගෙනගිය ප්‍රතිඵලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රට ඉදිරියට ගෙන ගිය බලවේග මෙම මැතිවරණයේදී පරාජය වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ලංකාදීප පුවත්පත සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

තම අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි රට තුළ බරපතළ සාකච්ඡාවක් තිබුණද එතරම් ඡන්ද ප්‍රමාණයක් ලැබි නොතිබූ බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ වලදී ලබා ගන්නේ අඩු ඡන්ද ප්‍රතිශතයක් බවත් මහ මැතිවරණයේදී ප්‍රතිශතය ඉහළ යන බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කරයි

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin