Colombo Today Local News

පිළිකා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත කීවා – රෝහල් අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට පැවසූ බව ලංකාදීප වෙබ් අඩවිය අද(01) වාර්තා කර ඇත.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.

මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රෝහලේ වසර 19ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.

හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය.

Related posts

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

colombotoday

රනිල් ජනපති කර එජාප ආණ්ඩුවක් හැදීමට සූදානම්.. එජාප කෘත්‍යාධිකාරිය හදිසියේ රැස්වෙයි..

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday