Colombo Today Local News

මම දේශපාලනයේ නැවත උපදිනවා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන

“මගේ නිල  කාලය ඉවරනිසා සමහරඅය හිතාගෙන ඉන්නවා මම ඉවරයි කියලා. නෑ. මම දේශපාලනයේ නැවත උපදිනවා”යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.

හිටපු ජනාධිපතිවරයාගෙන් ඉටුවූ මෙහෙවර අගැයීම වෙනුවෙන් පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවැති මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම උළෙල අමතමින් ඒ මහතා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. “සමහර අය මට තේරෙනවා මට පේනවා දැනුත් කියන කරන දේවල්වලින්. ඒ අය හිතාගෙන ඉන්නවා මගේ නිල කාලය ඉවර නිසා මම ඉවරයි කියලා. නැහැ මම දේශපාලනයේ නැවත උපදිනවා. මගේ පණකෙන්ද තියෙනකම්, අවසන් හුස්ම යනකම් මිනිස්සුන්ටත්, රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ”යැයිද කීවේය.

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

colombotoday

රාජිතගේ චක්ගෝලයා රූමි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධූරයට – මිස්ටර් 10% ලෙස නමකුත් පටබැදේ

colombotoday

දේශබන්දු වෙනුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

colombotoday

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

බලවතෙකුගේ සහයෙන් දුමින්ද සිංගප්පූරුවට.. “යහපාලනේ හෙළුවෙන් දුවන්න යයි“ කැෆේ කිපී මෙසේ කියයි

colombotoday