Colombo Today Local News

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස එවකට මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා ලෙස වර්ෂ 2006 ජූලි මස සිට 2015 ජනවාරි මස දක්වා කටයුතු කළේය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකුද වන ඒ මහතා, ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකුද වෙයි. ඔහු ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහපුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයාද විය.

එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වීමට පෙර, කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. රජයේ ප්‍රතිපත්ති රාමුව හා සංවර්ධන සැලැස්ම සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයන් අතරින් කෙනෙකු වූ ඔහු, උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

රජයට සම්බන්ධ වීමට පෙර කළමනාකරණ උපදේශකයෙකු ලෙස ව්‍යාපාර පුනර්ජීවනය හා නැවත සැකසීම, සැලසුම් කිරීම හා ආයතනික පාලනයට අදාළව කටයුතු කළ අතර, එම අවධියේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් ගණනාවක සහාපතීත්වය සහ/හෝ අධ්‍යක්ෂ තනතුරු ඔහු විසින් හොබවන ලදී. තවද ඔහු සුරැකුම්පත් හා විනිමය කොමිසම, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේය. කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ ‘2000 Multi – Nation Programme’හි අධිශිෂ්‍යත්වලාභියෙකි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමේදීද විශාල කාර්යභාරයක් ඉටුකළ ඒ මහතා, වියත්මග සංවිධානයේද ප්‍රබල සාමාජිකයෙකි.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday

රත්නපුර,ඇල්ල ප්‍රදේශයේ නාය යෑමකින් තිදෙනෙක් අතුරුදන්

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

බුදුද හම රකින බව සපථ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ දේශද්‍රෝහීන් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම

colombotoday

මැණික් ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුර තානායමේ තිබී හමුවෙයි

colombotoday

1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝ

colombotoday