දකුණු මුහුදු තීරයට අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ලක් කඩාවැටීමට නියමිත බැවින් එළැඹෙන 13 වෙනිදා දකුණු මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.
13 වෙනිදා දහවල් 11.50ට පමණ ගාල්ලට කිලෝමීටර් 65ක් දකුණින් වන මුහුදු ප්‍රදේශයට මෙම සුන්බුන් කැබැල්ල කඩාවැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 13 වෙනිදා උදෑසන 10.50 සිට පස්වරු 12.50 දක්වා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙස ආචාර්ය චන්දන ජයරත්න මහතා ධීවරයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර එම කාලය තුළ දකුණු මුහුදු තීරයේ ගුවන් කලාපය ද තහනම් ගුවන් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.