Colombo Today Local News

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

දෙමළ ජාතික සංධානය ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා ඒවා පිලි ගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන බව කිව්වා. ගෝඨාභය මැතිතුමා ඉල්ලීම් 13 සාකච්ඡාවටවත් නොගෙන ප්‍රතික්ෂේප කළා. සජිත් මැතිතුමා කරවල කූරියා ගිල්ල හොර පූසා වගේ සද්ද නැතුව හිටියා. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් වත් ප්‍රසිද්ධියේ ඉල්ලීම් පිලිගත්තේ නෑ. එහෙම නම් දෙමළ සංධානය සජිත්ට සහය දීමට තීරණය කිරීමේ හොරේ මොකද්ද?

ඇත්ත කතාව තමයි සජිත් පසුගිය මාසයේ උදාගමක් විවෘත කිරීමට යාපනේ ගිය අවස්ථාවේ දෙමළ ජාතික සංධානය හමු වෙලා මේ ඉල්ලීම් 13ට එකඟ වුණා. නමුත් සිංහල ඡන්ද නැති වේවි කියන බයට අන්තිම මොහොත වන තුරු මේක රහසක් විධියට තියා ගන්න දෙපාර්ශවයම එකඟ වුණා.

දෙමළ සංධානය නම් කියන්නේ කොන්දේසි විරහිතව සජිත්ට සහය දෙනවා කියලා. 2015 දීත් එජාප අපේක්ෂකයාට සහය දුන්නේ කොන්දේසි විරහිතව කියලායි රටට කිව්වේ. නමුත් ඡන්දය දිනූ දවසේ සිටම “දුන් පොරොන්දු ඉටු කරනු” කියා සම්බන්දන්, සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා පාරලිමේන්තුව තුලත් ඉන් පිටත දීත් ජාත්‍යන්තර කරලියේත් කියා සිටියා. කොන්දේසි විරහිතව සහය දෙනවා නම් දුන් පොරොන්දු ඉටු කරනු කියන එකේ තේරුම මොකද්ද? ඉන් කියැවෙන්නේ රහසිගත එකඟතාවයක් තිබුණු බවයි.2019 දීත් කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව කිව්වත් රහසිගතව එකගතාවයක් ඇතිවී තිබෙනවා. ඒ් නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා කොන්දේසි 13ටම එකඟ වුණා ද නැතිනම් එකඟ වුණු කොන්දේසි මොනවා ද කියන එක දෙමළ සංධානයත් ප්‍රේමදාස මැතිතුමාත් රටට පැවසිය යුතුයි.

රටේ මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දරුවෝ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුජාත පුත්‍රයා. කපාපු පලුව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලය සඳහා රට පාවා දීමේ ක්‍රියාදාමය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කරපු තැන ඉදන් සජිත් ප්‍රේමදාස මැතිතුමා හරිම අපූරුවට ඉදිරියට ගෙන යනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මා විශ්වාස කරන හැටියට නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේවත් තවත් සමහරු කියන විදිහට ප්‍රෙඩී සිල්වාගේ වත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අඩි පාරේ ගමන් කරන ඔහුගේම කපාපු පලුවක් බව සියයට සියයක්ම විශ්වාසයි.

– අරවින්ද අතුකෝරල

Related posts

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යනවා යැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ ජෝගි නටයි. විනාඩියකට රුපියල් ලක්ෂයක් වියදම්වන බව කතානායක කියයි.

colombotoday

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday