Colombo Today Local News

මුස්ලිම් ජාතීන්ට පමණක් සිරි සැප ගෙනෙන හිස්බුල්ලාගේ ‘අපේ සිහිනය’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී !

මුස්ලිම් ජනතාවගේ ජන ප්‍රතිශතයට අනුව ඉඩම් ලබාදීමට ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරඟ කරන ආචාර්ය එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් වේ.

යුද්ධය නිසා මුස්ලිම්වරුන්ට අහිමි වූ ඉඩම් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 14 327 ක් හා වන්නි දිස්ත්‍රික්කයේ අක්කර 3000ක් ඇති බවත් එම අර්බුදයට ක්ෂණික විසඳුමක් සඳහා ඉඩම් නිදහස් කිරීමේ විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවන බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

‘අපේ සිහිනය’ මැයෙන් නම් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි තේමා දහයක් යටතේ කරුණු ගොනු කර ඇත.

මුස්ලිම් ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික හා ආගමික ගැටලුවලට විසඳුම් සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය යටතේ උත්තරීතර කවුන්සිලයක් නිර්මාණය කරන බව ද එහි සඳහන් වේ.

එම කවුන්සිලයෙන් අධීක්ෂණය වන පොදු සහන අරමුදලක් පිහිටුවන බවත් ආර්ථික ගැටලු ඇති මුස්ලිම් දරුවන්ට විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමටත් ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරියන් මුස්ලිම් ජන ප්‍රජාව අතරෙහි වර්ධනය කිරීමටත් මුස්ලිම් දේවස්ථානවල සේවය කරන පිරිස්වලට සේවක අර්ථසාදක අරමුදලක් හා සේවක භාරකාර අරමුදලක් පවත්වාගැනීමටත් එම අරමුදල පාවිච්චි කරන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

 දේවස්ථාන හා ආගමික ආයතනවල දේපළ සාධාරණ පදනමක් යටතේ නඩත්තු කිරීමට වකුෆ් දේපළ සඳහා විශේෂ කොමිෂන් සභාවක් ද මුළුමනින්ම ආගමික මූලාශ්‍රවලට අනුකූල ආර්ථික ක්‍රමයක් ගොඩනගා එය ක්‍රියාත්මක කිරීමට කලාපීය හා ජාතික ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවන බවත් එහි දැක්වේ.

රටේ ඒකීයභාවය හා ජාතික ආරක්ෂාව සඳහා කලකෝලාහල තහනම් කිරීමේ පනත, වෛරය වපුරුවන කතා තහනම් කිරීමේ පනත හා ජාතික සහයෝගිතා කොමිෂන් සභා පනත යන පනත් තුන සම්මත කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන් වේ.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා මගින් පීඩාවට පත් මුස්ලිම් ජනතාවට සිදු වූ අලාභහානි සඳහා වන්දි මුදලක් ප්‍රදානය කරන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday

ඩයනාගේ පාස්පෝර්ට් නඩුවට වුන වැඩේ

Admin

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

“සමරිසි එකමුතුව“ රනිල් වෙනුවෙන් හිටගනී… ජනපතිගේ සමනළ කතාවට විරෝධය දක්වයි…

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට සාලි.. සාලි සමග සටනට එජාපයෙන් රෝසි !

colombotoday

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday