Colombo Today Local News

බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න. පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලීමට පත්කළ තේරීම් කාරක සභාව පිලිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ(24) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ කාරක සභික රවුෆ් හකීම් කරුණු වසන් කර ඇති බව සඳහන් කර සිටියා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ද ත්‍රස්තවාදීන්ට සහයෝගය දුන් රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, අසාද් සාලි අද සජිත් ප්‍රේමදාස වේදිකාවේ සිට අලුත් ආණ්ඩුවක් සෑදීමට කතා කරන බවත් ජනාධිපති සජිත් ප්‍රේමදාස පිළිබඳව කලකිරීමක් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

සජිත් ප්‍රේමදාස බැංකු හොරුන් ආරක්ෂා කරගෙන පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ ලබා දෙමින් සිටින බවත් සඳහන් කර සිටි හෙතෙම රිෂාඩ් බදුර්දීන් සහ රවුෆ් හකීම් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කල යුතු බවත් සඳහන් කර සිටියා.

Related posts

හබරාදූවේ වෙඩි තැබීමක්

Admin

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

දිනකට පැය හතක් විදුලිය කැපෙයි.. කාලසටහන මෙන්න

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday