Colombo Today Local News

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබදෙන බවත් ඒ වෙනුවෙන් නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැඩබලන සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන මහතා සදහන් කරයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පුර්ණ ආශීර්වාදය මේ සදහා තිබෙන බවත් ශ්‍රීලනිපයේ උරුමය ඇත්තේ එතුමියට බැවින් හිටපු ජනාධිපති තුමිය ලංකාවට පැමිණි පසු තම සංවිධානය සමග සාකච්චා කිරීමට නියමිත බවත් එතුමියගේ මතය මේ මොහොතේ තීරනාත්ම බවද සදහන් කරන ලදී.

වත්මන් ජනාධිපතිතුමාද තමන්ගේ මතය තුල සිටිනු ඇති බව විශ්වාස කරන බැවින් එතුමාද හදවතින් මේ මොහොතේ සිටින්නේ අප සමග බවත් සදහන් කරන ලදී. රට පුර සිටින ශ්‍රීලනිප අසන සංවිධායකයින් එකතුවෙමින් පවතින බවත් තම සංවිධානය මේ මොහොතේ සිදුකරන්නේ ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල බවත් හංසයා සමගින් එකතුවීම තුල පක්ෂය සහ ප්‍රතිපත්ති ආරක්ෂා වන බවත් සදහන් කරන ලදී.

පොහොට්ටුව සමගින් එකතුවූ කණ්ඩායමට දන ලැබෙන ප්‍රතිචාර වලින් ඔවුන්ගේ අනාගතය පැහැදිලි වන බවත් කිහිපදෙනෙකුගේ බල ලෝබය මත ශ්‍රීලනිපය පොහොට්ටුවේ ගැටගැසූ බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් 90% ගේ බලවත් විරෝධය හමුවේ මධ්‍යම කාරක සභාවේ විරෝධය හමුවේ පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය පාවාදී ඇති බවත් සදහන් කරන ලදී

Related posts

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday

එම්.සී.සී ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව ජනපතිට

colombotoday

රණවිරුවන්ට එරෙහි අධිකරණ තැනෙද්දී රණවිරුවන් සහභාගි කරගෙන නිදහස්‌ උත්සව සැමරිය හැකිද? රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

කවුරු කොහොම කිවුවත් මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන ජනවාරි මස තුන්වන දින විවෘත කරනවා – එම්.එල්.ඒ.හිස්බුල්ලා

colombotoday

ඉන්දිය මහ කොමසාරිස් අගමැති රනිල් හමුවී සුබ පැතුම් එක් කරයි

colombotoday

පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත්වෙති

colombotoday