Colombo Today Local News

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ !

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙසින් ඊයේ දින විවෘත වූවා. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්තාවට විශේෂ අමුත්තා ලෙස සහභාගී වී සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං ය.

මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැදින්වුනු මෙම ගුවන්තොටුපළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය මෙහෙයුම් සඳහා භාවිතා කළා.

කෙසේ වෙතත් ඉන්දීය තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස මෙය නම් කර මෙහෙයුම් ඇරඹීමේ එකම අරමුණ යාපනය සහ කොළඹ අතර සබන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව අතර සම්බන්ධය ඇති කිරීම බව පැහැදිලිය.

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කිරීමට අවශ්‍ය කිසිදු පරිසාදනයක් ලගා කර නොමැතිව තිබියදී, මාර්ග සංවර්ධන අධිකාරීයේ කපට් අතුරා තාවකාලික ගුවන් පථයක් සකසා ඉක්මණින් විවෘත කිරීමේ අරමුණ මැතිවරණයට පෙර එය ලබා ගැනීමේ ඉන්දියාවේ උවමනාව මත බව පැහැදිලිය.

මෙම යාපනය ගුවන්තොටුපළ ආකාර කිහිපයකින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවයා කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය. දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දෙන රෙකමදාරු ලිපි මත මෙම පත්වීම් ලබා දී තිබෙන බව වාර්තා වේ.

ප්‍රථම වතාවට ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ කර නොගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙහි ආරක්ෂක නිලධාරීන් ලෙස පවා පත් කර ඇත්තේ ආරක්ෂණ සමාගමකට සම්බන්ධ සිවිල් ද්‍රවිඩ ජනතාවය.

යාපනය ගුවන්තොටුපළේ ආගමන විගමන කටයුතු මෙන්ම රේගු නිෂ්කාෂන කටයුතු සිදුවන්නේද දෙමළ ජාතික සංධානයේ දේශපාලන පත්කිරීම් සිදු කළ මෙම උතුරු පළාත් දෙමළ සිවිල් පුද්ගලයන් අතින්ය.

මෙම හේතුන් නිසාම තමිල්නාඩු ජාතිකයන්ට කිසිඳු පරීක්ෂාවකින් තොරව රිසිසේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්තාව උදා වී තිබේ. මෙම තත්ත්වය වඩා දරුණු වන්නේ ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගත හැකි (On Arrival Visa) පහසුකමද සක්‍රීය කළ පසුය.

අඩු මුදලට ශ්‍රී ලංකාවේ රැකියා සොයමින් කම්කරුවාගේ සිට තොරතුරු තාක්ෂණ වෘත්තිකයාගේ සිට මෙරට දේශීය පුරවැසියන්ගේ රැකියා වෙළදපොළ විනාශ කරනා ඉන්දීය ජාතිකයන්ගේ සිට අන්තවාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන්ටද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවට රිංගා ගැනීමට යාපනය ගුවන්තොටුපළ තිත්පළක් වනු ඇත.

ඒත් සමගම උතුරු නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම තමිල්නාඩුවට පහසු වීම මෙන්ම ඉන්දීය ඔත්තු සේවා කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රබල වීමද නියත කරුණුය.

තවද මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි පාඩුවක් ගෙන ඒමටත් සමත් වනු ඇත. මන්ද ඉන්දීය ගුවන් සේවයේ “බජට්” ගුවන් යානා තමිල්නාඩුව හා යාපනය අතර සිය මෙහෙයුම් ඇරඹීමත් සමග ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ සංචාරය කරනා දඹදිව වන්දනාකරුවන්ගේ සිට, විදෙස්ගත දෙමළ ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවට මෙම බජට් ඉන්දීය ගුවන් සේවය තෝරා ගැනීම හේතුවෙනි.

එම නිසා යාපනය ගුවන්තොටුපළ හැකි ඉක්මණින් ඇරඹීමට ඉන්දියාව කටයුතු කිරීම මවිතයක් නොවේ.

කෙසේ වෙතත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ගෙන එන සම්පතකට වඩා, පත්වන නව රජයකින් වහාම සිය භාරයට ගෙන නියාමනය කළ යුතු මෙරට ජාතික ආරක්ෂාව දැවැන්ත අනතුරකට ඇද දමනා විශාල තර්ජනයක් බව පැහැදිලිය.

lankamag.com

Related posts

IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද

Admin

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

colombotoday

දහම් පාසල් වහයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ පෙත්සම් විභාගයට හත් පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කෙරේ

colombotoday

අම්පාර පොතුවිල් පල්ලියකදී ෂරියා නීතිය ක්‍රියාත්මක කරයි. – මවුලවිගෙන් වේවැල් පහර. තවත් ගුටි පුජාවකුත් දෙයි. VIDEO

colombotoday