Colombo Today Local News

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

ණවිරුවන් පාවා නොදෙන බවත් ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හා වාරියපොළ දී පැවැති ජනහමු අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කුරුණෑගලත්, පුත්තලමත් කේන්ද්‍රකරගෙන මුළු වයඹ පළාතටම සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අලුත් සංවර්ධන සැලැස්ම තුළ කුරුණෑගල පුත්තලම් දිස්ත්‍රික්ක දෙකේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයකට පවරනවා.

අපි ගෙවල් හදන්නට, ගම්මාන හදන්නට, උදා ගම්මාන වැඩසටහන දියත් කළා සේ මුළු රටේම “වැව් උදාව” වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ සත් කෝරලය බත් කෝරලයක් බවට පත් කරනවා.

මේ රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස් ඉස් මස් ලේ දන් දුන්න මේ රණවිරුවන්ව අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවන්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් මේ සජිත් ප්‍රේමදාස එතනට යන්න ලැහැස්තියි. වගකිම බාරගන්න බය වෙලා. ඒක නායකත්වයක ලක්ෂණ නොවෙයි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්. අයෝමය නායකත්වයක්. ඒ යකඩ නායකත්වය, ඒ අයෝමය නායකත්වය සජිත් ප්‍රේමදාස දෙන්න ලැහැස්තියි.”

Related posts

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)

colombotoday

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට ගම්මුන් පහර දෙයි – අසාධ්‍ය තත්වයෙන් රෝහලට

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday