Colombo Today Local News

සජිත්ගේ 1326 කෙටි දුරකථන අංකය ගැන පැමිණිලි කල රංජිත් විතානගේට තර්ජන

ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව(TRC) වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හිටුවීමට විදුලි සංදේශන කොමිෂන් සභාව(TRC) ඊයේ (10) සවස කටයුතු කරන ලදි.

එම අත්හිටුවීමෙන් පසුව තමාට යම් අනතුරක් කිරීමට සැලසුම් කරන බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණු බව රංජිත් විතානගේ මහතා Colombo Today වෙත ප්‍රකාශ කර සිටියා. මේ පිළිබඳව අද පොලීසියට සහ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, කෙතරම් තර්ජන පැමිණියද නීති විරෝධී කටයුතුවලට එරෙහිව ජනතාවගේ පාර්ශවය වෙනුවෙන් තමන් සටන් කරන බවද හෙතෙම අප වෙත ප්‍රකාශ කර සිටියා.

නීති විරෝධි ආකාරයට සිය මැතිවරණ ව්‍යාපාරය සදහා සජිත් පේමදාස මහතා විසින් 1326 අංකය යොදාගැනීම හේතුවෙන් එම කෙටි දුරකතන අංකය විදුලි නියාමන කොමිෂන් සභාව විසින් අත්හිටවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ වෙත ඊයේ දන්වා ඒවා තිබුනද එම කෙටි අංකය තවමත් ක්‍රියාත්මකව පවතිනවා..

Related posts

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

වෛරසය අඩංගු වුවද සිරුර ආදාහනයට අවසර නෑ. මරණ භූමිදානය නොකලොත් අල්ලගෙ උසාවියේ වැරදිකරුවන් වේවි. | උලමාගෙ ඉල ඇදෙන ෆත්වාව.

colombotoday

“රටේ මීළග ජනාධිපති රනිල්.. අගමැති අකිල විරාජ්” – ජෝන්ගෙන් අනාවැකියක්

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday

“පොල් ගහන අයට ගොඩ යන්න බෑ.. නැට්ටෙන් ඉල්ලුවත් අලියා දිනනවා” – නලින් බණ්ඩාර

colombotoday