Colombo Today Local News

හෙල්මට් නැතිව ගිය මුස්ලිම් අයෙක් ඇල්ලුවාට මූතූර් හී උද්ඝෝෂණ. පාරවල් වසා ටයරුත් ගිනි තබයි

muthuur

පෙරේදා (07 දා) සවස ත්‍රිකුණාමලය මුතූර් පොලිසිය මගින් හදිසි වාහන පරීක්‌ෂාවක්‌ කිරීමේදී හිස්‌ වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කළ සිවු දෙනකු පොලිස්‌ යතුරුපැදියකින් ලුහුබැඳ ගොස්‌ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග මුතූර් ප්‍රදේශයේ මුස්‌ලිම් වැසියෝ උද්ඝෝෂණයක්‌ ආරම්භ කළහ.

රාත්‍රි 9.30 පමණ වන තුරු ටයර් පුලුස්‌සමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිතර වූ අතර යතුරුපැදියේ ගමන් කළ තිදෙනකු පොලිස්‌ අත්අඩංගුවට පත්වීමට පෙර පලාගොස්‌ තිබිණි.

පොලිසියෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කර තිබුණේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. වාහන පැදවීමට අදාළ බලපත් කිසිවක්‌ ඔහු සතුව නොතිබුණි. නමුත් ජනතාවගේ උද්ඝෝෂණ නිසා මෙම සැකකරුවන් සියලු දෙනාටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට නොහැකිවිය.

සිද්ධිය සමථයට පත් කිරීමට ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. මහරුµa මහතාද පැමිණ සිටි අතර පොලිසිය එම ස්‌ථානයෙන් පිටව යැමෙන් පසුව උද්ඝෝෂකයන් කොළඹ සිට මුතූර් බලා ධාවනය වූ ලංගම බස්‌ රථයකට ගල්මුල්වලින් පහරදී එහි වීදුරුවලට අලාභහානී සිදු කර ඇතැයි පොලිසිය පවසයි. දැනට සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය පමණක්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 17 හැවිරිදි තරුණයා මුතූර් රෝහලේ ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් මුතූර් පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

-දිවයින

Related posts

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin

පුංචි ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 10ක්, පක්ෂ 4ක් ඇප තියයි

Admin

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

සොයිසාගේ පුතා සංස්ථා සභාපතිකමකට පත්කෙරේ !

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday