Colombo Today Local News

හිටපු කොටින් 30ක් අද කූඩුවෙන් එළියට!

ltte presonerත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකරුවන් 30කගෙන් යුත් පිරිසක් අද (09)දිනයේ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

බන්ධනාගාර කිහිපයක රඳවා සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් තමන් නිදහස් කරන ලෙස බලකරමින් පසුගියදා උපවාසයක නිරත වූහ. කෙසේ වෙතත් දින කිහිපයක් පැවැති මෙම උපවාසය රැඳවියන් සහ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අත්හැරිමට තීරණය කරන ලදී.

රැදවියන් නිදහස් කරන බවට රජය දුන් පොරොන්දුවක් අනුව ඔවුන් උපවාසය අත්හැරි අතර ඔවුන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ද්‍රවිඩ සන්ධානය මෙන්ම විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වන්නට විය. මේ අතර පසුගිය දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමකදී රැදවියන්ට නඩු පවරා ඇප මත නිදහස් කිරීමට අගමැතිවරයා තීරණය කළ බව මනෝ ගනේෂන් ඇමතිවරයා ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම එල්.ටී.ටී.ඊ රැදවියන් පිරිසක් නිදහස් කිරීමට රජය කැමැත්ත පළ කර ඇති බවත් ඔවුන් අදියර දෙකක් යටතේ නිදහස් කිරීමට නියමිත බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද ප්‍රකාශ කර තිබිනි.

ඒ අනුව පළමු අදියර ලෙස සැකකරුවන් 30ක් අද නිදහස් කෙරෙන බවයි වාර්තා වන්නේ. මේ අතර ත්‍රස්තවාදී සැක කරුවන්ට නිදහස ලබාදෙනවානම් තමනුත් නිදහස් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල රදවා සිටින මරණීය දණ්ඩනයට නියම වූ රැදවියන් පිරිසක් උපවාසයක් අරඹා ඇති බවද වාර්තා වේ.

Related posts

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් ඉටුකරයි – පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරයි

colombotoday

ඇමති දෙබානක් කොමිස් ඉල්ලති.. යුරෝ බිලියන පහක් රටට ගේන විදුලි දුම්රිය හදා විකුණන සුපිරි ව්‍යාපෘතිය කොට උඩ..

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

නිරෝධායනය මගහැර බස් රථයකින් පළා ගිය වනාතමුල්ලේ අයෙකු මත්තලදී අල්ලයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

colombotoday