Colombo Today Local News

කෘෂිකර්මාන්තයට මුල්තැන දෙන ජාතික ප්‍රතිපත්තියක් !

කෘෂිකර්මාන්තයට මුල්තැන ලබාදෙන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද(28) කොළඹ පැවති කෘෂිකර්ම පර්යේෂන හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ජාතික සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අපි මූලිකව කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. ඒ තුල ගොවියා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නවා. අපේ ආර්ථීකය කෘෂිකර්මාන්තය මතයි රදා පවතින්නේ. 

ඒ නිසා අපිට කෘෂිකර්මාන්තය අත හැර දමන්න බැහැ. ලෝකය පුරා ආහාර සුරක්ෂීතතාවය වැදගත් වෙලා තිඛෙනවා. රටක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත වෙන්න ඒ නිසාම අවශ්‍ය වෙනවා. අපි වෙනත් රටවල් මත යැපෙන්න අවශ්‍ය නැහැ. 

අපි අපිම ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්න ඕනේ. ගොවී මහතුන්ගේ ඉදිරි පරම්පරාව ගොවිතැනින්  ඉවත් වෙන්නේ ගොවීන් දුක්ගැහැටවලට මුහුණ දෙන ආකාරය දැක තිඛෙන නිසයි. 

ගොවි පවුල්වල ආදායම ඉහළට ගෙන ඒම වඩා වැදගත් වෙනවා. කෘෂිකර්මාන්තය නවින තාක්ෂණය හදුන්වා දීමෙන්,  ඔබේ කර්මාන්තයට වැඩි අගයක් එකතු කිරීම මඟින් වැඩි ආදායමක් ලබා දීමේ හැකියාව තිබෙනවා.

ඔබේ අස්වැන්න වෙලෙදපොලට එන කාලයේදී නිසි ක්‍රමවේද භාවිතා කළ යුතුයි. ඇසුරුම් ක්‍රම, වෙලෙදපොලට ප්‍රවාහනය කරන ක්‍රම, ශීතකරණ ක්‍රම, ටින් කිරීමේ ක්‍රම මඟින් ගොවියාට වැඩි මිලක් ලබා දීමේ හැකියාව අපිට තිඛෙනවා.

ශ්‍රීන් හවුස් වැනි වසර පුරා කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ක්‍රමවේද රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වා ගෙන යාමට ගොවියාට පහසුකම් දිය යුතුයි.

සමහර අවස්ථාවල හොද තත්ත්වයේ බීජ ලබා නොදීම නිසාත් අස්වැන්න විනාශ වෙනවා. අපේ රටේ පර්යේෂණ කිරීමෙන්, රටට සුදුසු බීජ නිෂාපාදනය කිරීමත් වැඳගත්.“ 
 

Related posts

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

මන්ද පෝෂණය කවුරු හරි තුරන් කරනවා කියන එක සුරංගනා කතා පෙළක්. – මන්ද පෝෂණය වැඩි වී ඇතැයි ඇමති පිළිගනී

colombotoday

ශ්‍රිලනිපයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

35ත් 45ත් අතර කාන්තාවන් සුවනාරී සායනවලට සහභාගී වෙන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි

Admin

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday