Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

මේ සතියේ කා අතරත් කතාබහට ලක් වන ක්‍රීඩකයා වන්නේ වර්තමාන ශ්‍රී ලාංකික දග පන්දුවේ අනාගත උරුමකරු වන බවට ඉගි පළ කරමින් සිටින අකිල ධනංජය හෙවත් පොඩි අකිල ය.

වර්ෂ 1993 ඔක්තෝබර් මස 04 පානදුර ප්‍රදේශයේ උපත ලද ඔහු පාසල් කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු විය. එහිදී ඔහුගේ කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතා නිසා ඔහුව පළමු පෙළ ක්‍රිකට් තරග සදහා යොමු කරන ලද අතර 2012 වර්ෂයේ නොවැම්බර් මස 12 වනදා ඔහුගේ ජීවිතයේ අමරණීය දිනයක් විය.

එනම් එදින ඔහුට එක්දින ජාත්‍යන්තර වරම් ලැබුණේ, ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය. මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් තරග 06 කට,එක්දින තරග 36 කට හා විස්සයි-විස්ස තරග 22 කට ක්‍රීඩා කර ඇති ඔහු අවසන් වරට ක්‍රීඩා කරන ලද්දේ පසුගිය නවසීලන්ත විස්සයි-විස්ස තරගාවයේ අවසන් තරගයටයි.එනම් 2019 සැප්තැම්බර් මස 06 වනදා නවසීලන්තය සමගින් පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තරගයටයි.

නමුත් 2019 වසරේ සැප්තැම්බර් මස පැවතී නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන විස්සයි-විස්ස තරගයෙන් අනතුරුව ඔහුට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල විය. එතැන් පටන් දින 14 ක් ඇතුළත ඒ පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට ඔහුට සිදුවූ අතර එය ඉන්දියාවේ දී පැවතී අතර එහි ප්‍රතිඵල අද නිකුත් විය.

එහි නිගමනය වූයේ මාස 12 ක් යන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට තහනම් වේ යන්නය. මෙය මෙලෙස සිදු වීමට බලයලත් ශ්‍රී ලාංකික නිලධාරින්ගේ අක්‍රමවත් ක්‍රියාකලාපයන් හා මග හැරීම් හේතු වන්නට ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

මන්දයත් ක්‍රිකට් කමිටුවේ නිලධාරින්ගේ වගකීම් නම්, අකිල ධනංජයට එරෙහිව පළමු වරට පන්දුව දමා ගැසීමේ චෝදනාවක් එල්ල වූ විගසම ඔහුගේ ඒ වැරැද්ද නිවැරදි කිරීමට ඔහුට සහය දැක්වීමට අපොහොසත් වීමයි.

වෙනත් රටක ක්‍රීඩකයෙකුට මෙලස වූයේ නම් ඔහු වටා සෑම අයෙකුම එක් රොක් වී ඔහුට නැවත නැගී සිටීමට උපකාර කරයි. කණගාටුවට කරුණ නම් මෙයයි, ශ්‍රී ලාංකික ක්‍රිකට් අඩියෙන් අඩිය පහළට වැටීමටම එහි බලයලත් නිලධාරින් විසින් මාර්ගය සැකසීමයි.

මේ සියල්ල දිගින් දිගටම මෙසේ සිදු වීමට ඉඩ තබමුද ??.. මෙය වෙනස් කිරීමට හොදම කාලයයි මේ..

ඉෂාන් ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Related posts

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

Admin

විල්පත්තු සංහාරයේ තරම දැන් දැනෙයි.. අනුරාධපුරයත් වියළි ඉරි තලයි.. වැසි ඵලත් දැන් අඩුයි !

colombotoday

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දා වැඩ කළ හැකි අමාත්‍යවරයෙක් පත්කරන්න

Admin

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

“රණවිරු දඩයම් පනතට අත්සන් කරන්න එපා” – ඉදුරාගාරේ ධම්මරතන හිමි කතානායකට ලියයි

colombotoday