Colombo Today Local News

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

ඇමැති කබීර් හෂීම් මහතා විසින් දරනු ලබන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම එසේ ඉවත් කරනු ලබන සියළු ආයතන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරන ලෙසද ඉල්ලීමක් කර ඇත.

අගමැතිවරයා විසින් මෙම ඉල්ලීම් දෙකම ලිඛිකව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග තහවුරු කර සිටියේය.

මේ අතර වාර්තා වන්නේ මුදල් ඇමති මංගල සමරවීර මහතාට අයත් රාජ්‍ය බැංකු දෙක තවත් ආයතන කිහිපයක් ඉවත් කළ යුතු බවට අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට වාචිකව දන්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ගැන ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

Related posts

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

ජනපති බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමු වෙයි

Admin

මාතලේ පොළ වසා දමයි

colombotoday

ටෙලිකොම් ලොක්කා, මංගලගේ ගෝලයා ඉල්ලා අස්වේ

colombotoday

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday