Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර ලබා ගැනීම දින  කීපයකින් කල්යන බවත් මේ සතියේදී ඇමති ධුර භාර නොගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

බොහෝ විට ලබන සතියේදී ඔවුන් ඇමති ධුර ලබාගැනීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වැරදිකාරයෙකු වී නොමැති බැවින් ඔවුන්ට ඇමති ධුර භාර ගැනීමේදී ගැටලුවක් ඇති නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී ඇමති ධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව යළිත් ඇමති ධුර භාර ගැනීමට සූදානම් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවත්, ඉතා ඉක්මනින් ඇමති ධුර භාර ගන්නා ලෙස අගමැතිවරයාගේ ප්‍රතිචාරය වූ බවත් ඒ.එච්.එම්. ෆවුසි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

colombotoday