Colombo Today Local News

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම පොලීසියට සිදුකරන ලද පැමිණිල්ල මත ගොනු කරන ලද නඩුවේ එක් සැකකරුවෙකු වන “බණ්ඩාරගම ගෝල්ඩ් හවුස්”හී අධිපති නජීම් හාජ්ජියාර් නැමති පුද්ගලයා ප්‍රදේශයේ තවත් පිරිසක් සමග එක්ව මාධ්‍ය හමුවක් පවත්වා ඇයගේ චරිතය හොද නැති බව පවසා තිබෙනවා.

පසුගිය 4 වනදා බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දැන්වුවේ සැක කරුවන් 9 දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් සැගව සිටින බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදු වන බවත්ය. එවැනි වාතාවරණයක් තුළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන පල්ලියේ භාරකරු ප්‍රසිද්ධ මාධ්‍ය හමු පවත්වමින් නිදහසේ සිටින්නේ කෙසේදැයි යන ප්‍රශනය මතුව ඇත.

Related posts

සහනාධාර බලාපොරොත්තු වෙන්න එපා

Admin

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

කැලණිය විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙනතුරු වසාදමයි

Admin

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday