Colombo Today Local News

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

විනිශ්චකරුවන්  අන්තගාමී  සංවිධානවල සාමාජිකයින් වී ඇතැයි   බස්නාහිර  පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි   කළ  ප්‍රකාශයක් සම්බන්ධයෙන්  පරීක්ෂණයක්  ආරම්භ කර ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී අද කරුණු වාර්තා කළේය.

එම ප්‍රකාශය තුලින්  ආගම් සහ  ජාතීන් අතර වෛරී සහගත ප්‍රකාශයක්  සිදුව ඇතැයි  කියමින්  නීතීඥ  ප්‍රේමනාත් සී දොළවත්ත මහතා  විසින් කළ  පැමිණිල්ලක් අනුව   හිටපු ආණ්ඩුකාරවරයාට එරෙහිව  මෙම පරීක්ෂණයක් අරඹා ඇති බවද   අධිකරණයට කරුණු දැක්වීය.

ඉකුත් මැයි මස 04 වැනිදා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්   වූ ප්‍රවෘත්ති වාර්තාවලට අදාළව  සංස්කරණය කළ හා නොකළ විඩීයෝ පට එම කොට්ඨාසය වෙත ලබා දීමට  අධිකරණයෙන් අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන   දෙකකට   අධිකරණ නියෝගයක්ද   නිකුත් කෙරිණි.

Related posts

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

අගමැති, ජනපති ජෝඩුව ගෝඨාගේ නමටත් බයයි.. හේතුව ගම්මන්පිල කියයි

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday