Colombo Today Local News

රිෂාඞ් බදියුදීන් හිස්බුල්ලා මුළුමහත් මුස්ලිම් ප‍්‍රජාවම පාවා දුන්නා – ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්

රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන් මුළුමහත් මුස්ලිම් ජනතාවම පාවාදී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවැසීය.

පිටකෝට්ටේ එම පක්‍ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එම අදහස් පළකර සිටියේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේද පැවැසීය. 

වසර ගණනාවක්ම මෙම මුස්ලිම් ඇමැතිවරු මාරුවෙන් මාරුවට හැම ආණ්ඩුවක්ම නියෝජනය කළා. නමුත් එදා මෙදා තුළ ඔවුන්ගේ පැවැත්මට කටයුතු කළා මිස මුස්ලිම් ජනතාව වෙනුවෙන් කිසියම් හෝ සේවාවක් සිදුකළේ නැහැ.

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු බිහිවන තැනට එම දේශපාලකයන් මෙම ජාතිවාදී රැුල්ල රැුගෙන පැමිණියා. අපේ‍්‍රල් 21 වැනිදා ප‍්‍රහාරයෙන් මේ රටම ජාති ආගම් බේදයෙන් තොරව කම්පාවට පත්වුණා. මේ ප‍්‍රශ්නයට මුල්වුණු තත්ත්වය ගොඩනැගුනේ කෙසේද? මුළුමහත් සමාජය තුළම කතිකාවක් ඇතිවුණා.

චෝදනා එල්ල වුණු මුස්ලිම් ඇමැතිවරු හා ආණ්ඩුකාරයන්ට ඉල්ලා අස්වෙන ලෙසට සමාජයෙන් චෝදනා ඉදිරිපත් වුණා. එහෙත් මෙහිදී සිදුවූයේ ඇමැතිවරු, ආණ්ඩුකාරවරු හා සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරු තම තනතුරු වලින් ඉල්ලා අස්වීමයි.

චෝදනා එල්ල වුණු මුස්ලිම් දේශපාලකයන් කීපදෙනකුගේ ඇෙඟ් තැවරුණු ත‍්‍රස්තවාදය සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් තම තමන්ගේ ශරීර තුළත් ගාගැනීම මෙමගින් සිදුවුණා. මෙයින් සිදුවූයේ මුළුමහත් මුස්ලිම් ජනතාවම මෙම නායකයන් විසින් පාවා දීමයි.

Related posts

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

colombotoday

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

Admin