Colombo Today Local News

තේරීම් කාරක සභාව පිලිබඳ ගැටලුවට නිත්‍යානුකුල පිළිතුර ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පහදයි

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳව සොයා බැලීමට පත්කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව කතානායක සහ ජනාධිපති අතර ගැටුමක් නිර්මාණය වී තෙබෙන අතර ඒ පිළිබඳව ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා සිදුකල කරුණු පැහැදිලි කිරීමක් පහතින් දැක්වේ….

මහනඩුව: ජනපති සිරිසේන එරෙහිව කතානායක

පාස්කු ඉරිදා ප්‍රහාරය වගකීම කතානායක තුමාගේ තේරීම් කාරක සභාව තමුන්ගේ කරේ ගහයි කියලා ජනාධිපති නියපොතු කනවා. එය සිදු වෙන පාටක් තමයි පෙනෙන්නේ . ඒක වලක්වා ගන්ට තමුන්ගේ කිසිම ආරක්ෂක නිලධාරියෙක් හෝ බුද්ධි නිලධාරියෙක් තේරීම් කාරක සභාවට සාක්ෂි දීමට ඉඩ නොදෙන බව ජනපති සිරිසේන මැතිතුමා පවසනවා.

PC: Tiranthe Walaliyadda

සාක්කි දෙන් නැත්තං නිලධාරීන්ට සිර දඬුවම් – ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහත්තයා කියනවා සාක්කි දෙන් නැත්තං ඒ නිලධාරීන්ට පාර්ලිමේන්තුවට අපහාසය කිරීම පිළිබඳ සිර දඬුවම් ලැබෙයි කියලා. එහෙම වෙන්නටත් ඉඩ තියෙනවා. හැබැයි එහෙම නම් ජනාධිපතිතුමාට ඒ හේතුවෙන්ම ඒ සිර දඬුවමට ම යටත් වෙන්න ද සිද්ධ වෙනවා. . නමුත් ව්‍යවස්ථාවේ ව්‍යාතිරේක නිසා එතුමා බේරෙනවා .

බුද්ධි අංශ තොරතුරු සහ රාජ්‍ය ආරක්ෂා තොරතුරු එළි කිරීම් සිර දඩුවම් ලැබිය හැකි වරදක් – විජේදාස රාජපක්ෂ

අනිත් පැත්ත බලමු . විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා රාජ්‍ය රහස් පනත යටතේ බුද්ධි අංශ තොරතුරු සහ රාජ්‍ය ආරක්ෂා තොරතුරු එළිදරව් කිරීම් සිර දඩුවම් ලැබිය හැකි වරදක් කියලා. ඒ නිසා ඔය කාරණා පිළිබඳව සාක්ෂි දෙන බුද්ධි අංශ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, සියල්ලම සිර දඬුවම් ලැබිය යුතුයි කියලා.. ඒකත් හරි. හැබැයි එහෙම නම් ඔය තේරීම් කාරක සභාව ඉදිරිපිට සාක්ෂි දෙන නිලධාරීන් පමණක් නොව, එම සාක්ෂි ලබා ගැනීම නීත්‍යානුකූල යයි කියමින් පියවර ගන්නා කාරක සභාවේ සාමාජිකයන්ද සිර දඬුවමට යටත් විය යුතුයි.

විසදුම “sub judice”

මෙයට පිළියම ඉතාමත්ම සරල නීත්‍යානුකූල පියවරකි. එනම්, කිසියම් කරුණුක් පිළිබඳ ව අධිකරණයක විභාගයක් පවත්වන අවස්ථාවක දී පාර්ලිමේන්තුවට ඒ කරුණු පිළිබඳව කිසිම විවාදයක්, සාකච්ඡාවක්, කළ නොහැකිය, යන මූලධර්මයයි. ඒ මූලධර්මය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පිළිබඳ විභාග වන මූලික අයිතිවාසිකම් නඩු වල ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් තේරීම් කාරක සභාව පිළිබඳව දැනුම් දීමක් කිරීම පමණි සිදුකළ යුත්තේ. මෙය සිදුකළ හැක්කේ ජනාධිපති වරයාගේ උපදෙස් මත නීතිපතිවරයාට ය. මෙම මූලධර්මයට කියන්නේ “sub judice” යනුය.

Related posts

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

colombotoday