Colombo Today Local News

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද දිනයේ කතානායකවරයාට බාර දීමට නියමිතය.

ඒ සදහා ඊයේ හවස් වන විට මන්ත්‍රීවරුන් 60ක් පමණ අත්සන් කර තිබිණි.

එම යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මතබේධකාරි තත්ත්වයත් ඇති තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ තමන් එම විශ්වාස භංග යෝජනාවට විරුද්ද බවයි.

බදියුදීන් ඇමතිවරයාට විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ සැලසුම්සහගතව බවත්, එසේ නොමැතිවීමෙන් සිදුවන්නේ ඇමතිවරයා තවත් ශක්තිමත් වීම බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර රිෂාද් බදියුදීන් ඇමතිවරයා එරෙහිව ගෙන එන විශ්වාසභංගයට විරුද්ධව ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතා කරන සියළුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ත්‍රස්තවාදය හා ඇමතිවරයාගේ සියළු දූෂණ ක්‍රියා අනුමත කරන දේශ ද්‍රෝහීන් බවට මේ වන විට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතී.

Related posts

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 178

Admin

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

බිරිඳ ඝාතනය කර නිවස පිටුපස වළ දැමූ සැමියා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

Admin