Colombo Today Local News

අනවසර මුස්ලිම් පල්ලිය ඉවතට.. අගලවත්ත ප්‍රා. සභාවේ යෝජනාව ඒකමතිකව සම්මත වෙයි…

අගලවත්ත නගරයේ අනවසරයෙන් පවත්වාගෙන යන මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා (ස්වාධීන) ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාවක් සියලු මන්ත්‍රීවරු ඒකමතිකව සම්මත කළහ.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ ඊයේ (14) පැවති මාසික සභා රැස්වීමේදී විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
 
අගලවත්ත නගරයේ පරණ පාරේ ස්ථානයක මෙම මුස්ලිම් ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, ඒ සඳහා කිසිදු නීත්‍යනුකූල අවසරයක් ගෙන නොමැති බවත්, මුස්ලිම් පල්ලියක් ස්ථාපිත කිරීමට තරම් මුස්ලිම් ජාතිකයන් අගලවත්තේ නොමැති බවත්, එම ස්ථානය පිළිබඳව කිසිවෙකු වගකීම නොදරන බවත්, එම නිසා මෙය ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධාවක් බැවින් සභාවේ බලතල අනුව එම ආගමික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කළ යුතු බවත්  පැවසීය.
 
මෙහිදී එක්සත්ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා අදහස් දක්වමින් තමන් උපතින් බෞද්ධයන් වුවද මේ රටේ සියලු ආගම්වලට ගරු කරන බවත්, එහෙත් පෙට්ටි කඩ ලෙසින් මෙරටේ ආගමික ස්ථාන ඉදිකිරීම අනුමත නොකරන බවත්, මෙම ස්ථානය පිරිසිදුවීමේ ස්ථානයක් ලෙස හඳුන්වමින් එහි කොටසක් යාඤා කිරීම සඳහා යොදාගෙන තිබෙන බවත්, එයට ප්‍රදේශවාසීන්ගේ විශාල විරෝධයක් ඇතිවී තිබෙන බවත් එනිසා බලධාරීන් වගකීමෙන් කටයුතු නොකළහොත් අගලවත්තේ අයහපත් තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රකාශ කළේය.
 
මෙම ආගමික මධ්‍යස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බවත් ඒ පිළිබඳව පසුගිය දිනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවති බවත්, එහිදී  කිසිවෙකු එම ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට වගකීම  බාරගැනීමට ඉදිරිපත් නොවුවහොත් එය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් සභාපති ජයසේන කඹුරාවල මහතා අදහස් දක්වමින් පැවසීය. 

Related posts

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

ඡන්දය පාවිච්චි නොකිරීම විශාල පාපයක් – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin