Colombo Today Local News

හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති.

පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානය නම් වූ සංවිධානයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන්ගේ අදහස අනුව මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ වන්නේ සිංහල සහ දෙමළ ජනතාව වනසා දමා රටේ මුස්ලිම් ආධිපත්‍යය ගොඩනැගීම යි. තවමත් රට තුළ වඩාත් පීඩනයට පත්වන ජනවර්ගය වන්නේ දෙමළ ජනතාව බව ඔවුන්ගේ අදහසයි. එපමණක් නොව පසුගිය වසර 30 ක කාලය තුළ දෙමළ ජනතාව තදබල විනාශයකට පත් වූ බව ලංකාවේ ආණ්ඩුව පමණක් නොව වෙනත් විදේශීය රටවල් පවා දන්නා බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

“යුද්ධය අවසාන දිනවල වෙල්ලමුල්ලිවයික්කාල් හිදි ද අහිංසක දෙමළ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය ගියහ. අතුරුදන් වූ තවත් විශාල සංඛ්‍යාවක් පැමිණෙන තුරු ඔවුන්ගේ නෑ හිතවතුන් බලා සිටියි. මේ පිළිබඳව වගකිව යුත්තේ කවුද යන්න සොයාබැලීම ආණ්ඩුවේ වගකීමයි.”

“2019.04.21 පාස්කු ඉරුදින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පවා දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය විය. මේ ප්‍රහාරයෙන් සාමාන්‍ය සිවිල් ජනතාව 300කට අධික පිරිසක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාළ ලබා රෝහල් ගත කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධව ඉන්දීය බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාව දැනුම්වත් කර ඇති නමුත් ඔහු ඒ පිළිබඳව තැකීමක් කොට නැහැ. මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධ සම්පූර්ණ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටයි.”

“නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වන හිස්බුල්ලා යටතේ සන්නද්ධ කණ්ඩායම් පෝෂණය වූ බවට අප පවා තොරතුරු ලබා දුන්නා. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළොත්, සන්නද්ධ මුස්ලිම් තරුණයන් අතින් ලංකාවෙ ලේ ගංගාවක් ගලන්න තිබුණා කියලා හිස්බුල්ලා පාර්ලිමේන්තුවේදී කරලා තිබුණු ප්‍රකාශය සහ වර්තමානයේදී සිදුවෙලා තියෙන දේ ගැන මොකක්ද කියන්නෙ.?”

“මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා අරාබි බස මිලියන ගණනාවක් වියදම් කරලා තියෙනවා. අපේ රටේ කතා කරන භාෂාවන් දෙකක් තියෙනවා. මෙහෙ අරාබි භාෂාවට තියෙන අවශ්‍යතාව මොකක්ද? හිස්බුල්ලාගේ අරමුණ විදේශිකයන් මගින් මුස්ලිම් තරුණයන්ව පුහුණු කරලා ඔවුන්ව ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කිරීමයි. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විදියට අපි ඒවා ඔත්තු සේවාවන්ට දැන්වූවා.”

“ඒ වගේම මුස්ලිම් දේශපාලකයන්ගේ නායකත්වයෙන් සිංහල, දෙමළ ජනවාර්ගික කණ්ඩායම් වල බලය අඩු කරලා මුස්ලිම් ආධිපත්‍යය පතුරුවන්න උත්සාහ කරනවා. එවැනි තත්ත්වයන් ඇති කිරීමට උත්සාහ කරන සහ සහාය දෙන කණ්ඩායම් හඳුනාගත යුතුයි. තවත් මුස්ලිම් දේශපාලකයෙක් සහ ආසියාවේ බිලියනපතියෙක් වන රිෂාඩ් බදියුදීන් පැහැදිලිවම මේවාට සම්බන්ධ බව පුනරුත්ථාපනය වූ දෙමළ කොටි සංවිධානය හැටියට අපි ප්‍රකාශ කරනවා.”

Related posts

පළාත් සභා මැතිවරණය එපා – පො.ජ.පෙ.න් යෝජනාවක්

colombotoday

අලුතින් ගෑස් මිලදී ගන්න අයට පණිවිඩයක්

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කැබලි 10කට වෙන් වෙයි… උතුරේ පොලිසිය මෙහෙයවීම බෙදුම්වාදීන් අතට…

colombotoday

රට බංකොලොත් කලේ යහපාලන ආණ්ඩුවයි

Admin

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday