Colombo Today Local News

ඉතිරි ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවලට බාරවෙන්න, අපි රජය සමග එක්වී පුණරුත්ථාපනය කරනවා – උලමා සභාව

සමස්ත ලංකා ජම්මියතුල් උලමා (ACJU), හෙවත් මුස්ලිම් විද්වතුන්ගේ සංගමය විසින් මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම්වල ඉතිරි සාමාජිකයන්ගෙන් ආරක්ෂක අංශවලට බාරවන ලෙස ඉල්ලීමක් කෙරේ.

ඔවුන් ආරක්ෂක අධිකාරීන් වෙත බාරවුවහොත්, රජය සමග එක්ව නොමග ගිය තරුණයන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසා ගත හැකි බව උලමා හී මාධ්‍ය ලේකම් ඈෂ්-ෂෙයිඛ් ෆාසිල් ෆාරුක් මවුලවිවරයාප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කළේ පසුගිය ජනවාරියේදී තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් විසින් පවත්වන ලද දේශනා පිළිබඳ තොරතුරු හිටපු ආරක්ෂක ලේකම්වරයාට භාර දී ඇති බවයි.

සමස්ත මුස්ලිම් සමාජයම ත්‍රස්තවාදයට එරෙහිව සිටි බවත්, ඔවුන් තම පූර්ණ සහාය ආරක්ෂක හමුදාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙල සඳහා ලබාදෙමින් පවතින බවත් ඔහු අවධාරණය කරයි.

පසුගිය දෙසැම්බරයේදී මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් සැඟව සිට පැමිණ තම දරුවා සහ බිරිඳ දෙමාපියන් වෙත භාරදීමට උත්සාහ කළ අවස්ථාවේ, දෙමාපියන් විසින් ඔවුන්ව බාර නොගෙන ආරක්ෂක අංශ වෙත බාර දුන් බවද ඔහු සිහිපත් කළේය.

ෆාරුක් මවුලවි වරයා සඳහන් කරන්නේ, එම කාන්තාවගෙන් ලද තොරතුරු අනුව බුදු පිළිම විනාශ කිරීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල ලබාගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමට යම් කණ්ඩායම් උත්සාහ කළ බව කල්මුණේ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ජූලි 29 ඉතිහාසයේ කලු දිනයක්.. එදා මාමා කළ දේම අද බෑණා කරයි !

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

කොළඹ ඉඩමකට හොර ඔප්පු හැදු නීතිඥවරයා කූඩුවට

colombotoday

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday